@wisdompluslk
96,500
9,236,141
148
42d ago
2.3
avg. per month
දැනුම් පිපාසිත සහෘද හදවත්වලට කතා කරන YouTube අවකාශය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා! දහස් සංඛ්‍යාත දැනුම් තීර්ථකයන් ප්‍රමාණයක් අද වන විටත් අප සමග එක් වී හමාරයි. "Knowledge and Information" එනම් "දැනුම හා තොරතුරු" යන තේමාවෙන් ආරම්භ කළ අපේ නාලිකාව මේ වන විටත්, ➽ ලොව නේක කෝණයන්හි විසිර පවත්නා නව දැනුම ➽ නෙත් අදහාගත නොහෙන විශ්මිත නිර්මාණ ➽ සිත් වසඟ කරන සංචාරක නැවතුම් ➽ ජාතියක හදගැස්ම වූ ක්‍රීඩාව ක්‍රිකට් ➽ ජීවිත මග අංශක 360කින්ම හැරවිය හැකි මනෝවිද්‍යාත්මක කරුණු ➽ මිථ්‍යාවෙන් වැසීගිය අභිරහස්වල සියුම් පැතිකඩ ➽ ජීවිතයට ඇවැසි කරන, ජීවිතය පහසු කරන නීතිමය විසඳුම් ➽ ජීවිතය ආලෝකවත් කරන ශ්‍රේෂ්ඨතම චරිත කතා ➽ කිසිවෙකුට සම කළ නොහෙන අසමසම දක්ෂතා ➽ සමස්ත විශ්වයේම හුස්ම පොද වූ ජෛව ලෝක ගවේෂණ වැනි ක්ෂේත්‍ර ගණනාවක දැනුම හා තොරතුරු සහෘද ඔබ වෙත සමීප කරවීමට හැකි වූ බව පවසන්නේ නිහතමානී ආත්ම තෘප්තියකිනි. මීට අමතරව අ.පො.ස. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගවලට මුහුණ දෙන සහ විශ්ව විද්‍යාලයට පිවිසෙන අපේම සොයුරන්ට උපකාරයක් වනු පිණිස තවත් වීඩියෝ පෙළක් ගෙන ඒමටද අපට හැකිවුණා. දැනුම් පිපාසිත ඔබේ සහෘද හදවතත් අප සමග එක් කරන්න❤️